කූට ව්‍යාපාරිකයින් විසින් වාහනහිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පවසන්නේ ලංකාවේ සෑම කෙනෙකුන් ම පාහේ යතුරුපැදියක් හෝ මෝටර් රථයක් භාවිතා කරන අතර එයට භාවිතා කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳව ජනතාව තුළ කිසිදු අවබෝධයක් නොමැති බවයි.
එමෙන් ම ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
එමෙන් ම ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කර වෙළෙඳපොළේ විකිණීමට ඇති බවත් ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කර වෙළෙඳපොළේ විකිණීමට ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ.