කේක් ගෙඩියක තිබී හමු වූ අමුතුම දේ , කේක් කන්නත් එපා වෙයි නේද ?
Thursday, 31 August 2023 - 11:02 | Views - 649
වවුනියාවේ කරප්පන්කාඩු ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක තිබී මියගිය හූනෙකු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (30) පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වවුනියාවේ දුම්රියපොළ පාරේ වෙළදසැලකින් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් කේක් ගෙඩියක තිබී මෙම හූනා හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පළාතේ විවිධ වෙළදසැල්වලින් මහජනතාවට ආහාරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හමුවීම පිළිබඳ පාරිභෝගිකයින් සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට දැන්වත් කර තිබුණද ඒ සඳහා සුදුසු දඬුවම් මේ දක්වා ලැබී නොමැති බවයි උතුරේ වැසියෝ පවසන්නේ.

යාපනයේ ආපන ශාලාවකින් උදෑසන ආහාර වේලක තිබී හැකරැල්ලෙකු හමු වී ඇති අතර කිළිනොච්චියේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක කුකුළු පිහාටුවක් තිබී හමුවුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සියළුම සිදුවීම් මේ මාසය ඇතුළත සිදු වූ සිදුවීම් වුවත් නිලධාරීන් මේ දක්වා එම වෙළෙන්දන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර එම හෝටල් හා බේකරි තවමත් විවෘතව පවතින බවයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top