පෙම්වතියගේ මවට ..... බස් තෙපලූ.. කොලු ගැටයාට, නැන්දම්මා එනකොට දුවන්න වෙලා...
Thursday, 31 August 2023 - 10:29 | Views - 500
අක්කා නගෝ වගේ ඉන්න අම්මලා දුවලා ගැන ඕන තරම් කතා අහන්න තියනවා නේ...

මේ කියන්න යන්නෙත් එහෙම දෙනෙක් ගැන කතාවක්..

මේ පුවත වාර්තා වෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්...

මේ කතාවේ තරුණ වයසට ආව දුව ඇත්තටම රූමත් තරුණියක්.. තමගේ දරුවා කාලයක් යනකොට ප්‍රේමයක පැටලිලා කියලා මේ අම්මාටත් දැනෙන්නේ ඉඟියකින් වගේ...

ඉතින් තමන්ද ප්‍රේමයෙන් දුරක් ආව නිසා දුවගේ සම්බන්ධයට විරුද්ද වෙන්න ඒ අම්මාට හේතුවක් තිබුණේ නැහැ... කොහොම වුණත් ඇය දියණියට පවසලා තිබුණේ එම තරුණයාව තමන්ට මුණගස්වන ලෙසයි....

කොහොම වුණත් මේ කාරණයට එකවර අනුමත කරගන්න බැරි වුණත් පස්සේ මේ දුවගේ කරදර කිරීම නිසාම ඔහු දවසක් මේ නිවසට එන්න තීරණය කරනවා..

ඒ අනුව තම මිතුරෙක් එක්ක ඒ නිවසට පැමිණෙන ඔහුට එකවරම දැකගන්නට හමුවුණේ තම පෙම්වතිය පමණයි... ඒත් එක්කම ඇය ඔහුව උණුසුම් ලෙස පිළිගත්තා..

කොහොම වුණත් ටික වේලාවකින් ඔහු ඇගෙන් විමසුවේ ඇගේ මව කොහේද කියායි... එවිට ඇය තම අනාගත බෑණාට රස ආහර වේලක් ලබා දෙන්න ආහාර පිළියෙල කරන්න අවශ්‍ය දෑ රැගෙන එන්න ඒ වෙලාවේ වෙළඳ සැලට ගොස් තිබුණා...

ඒ පුවත ඇසුවත් ඒ ගැන ඔහුට ඒ තරම් පුදුමයක් තිබුණේ නැහැ.. ඒත් ටික වේලාවකට පස්සේ ඈත එන මව දුටු ගමන්ම ඔහුගේ ඇස් උඩ ගියා...

ඒ මහපාරේ ඇතිවූ සිද්ධියක් නිසා.... තම පෙම්වතියගේ මව බව නොදැන මේ රූමත් කාන්තාවට නොසුදුසු විදිහේ විහිළු කරපු මේ තරුණයින් දෙදෙනා ඇගේ ඡායාව දුටු විගසම උත්සාහ කළේ එතනින් පැණ ගැනීමටයි..

ඔහු දැක කෝපයෙන් නිවසට එන මව සියල්ල කියන්නට කළින් ඔහුන් දෙදෙනා නිවසින් පැනගත්තේ ඇයට කල විහිළුව ඒ තරම් සැර බව දන්නා නිසා වෙන්නට ඇති...

කොහොම වුණත් තම දියනියටද බැන වැදී ඇය පැවසුවේ හැකි ඉක්මනින් ඔහු සමග පවතින් සබඳතා අවසන් කරන ලෙසයි..... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top