කාන්තාවකගේ මොළයෙන් ප්‍රථමවරට පණ පිටින් මතු වූ පණුවා.. (Photos)
Tuesday, 29 August 2023 - 15:41 | Views - 638
ස්ට්‍රේලියාවේ 64 හැවිරිදි කාන්තාවකගේ මොළයක් තුළ සජීවි පරපෝෂිත පණුවෙක් සොයාගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවන් ආසාදනයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි.මෙම පණුවා සෙන්ටීමිටර 8ක් වන අතර ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ කැන්බරා රෝහලේ වෛද්යවරුන්විසින් මෙම පණුවා සොයා ගෙන තිබෙනවා.මේ සැත්කමින් පසුව පණපිටින් දඟලමින් සිටි මෙම පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහළු හා අක්මාව ඇතුළු අනෙකුත් අවයවවලටත් ආසාදනය වී ඇති බව සඳහන් වෙනවා.කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන සංජය සේනානායක පවසන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරෙන් මොළය ආස්සාදන සමඟ කටයුතු කරන බවත් මෙවන් සිදු වීමක් මීට පෙර දැක නොමැති බවයි.විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම පණුවන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ආවේණික පිඹුරන්ගේ ආමාශ ආන්ත්‍රික පද්ධතිවල වාසය කරන බවයි.


Share This Article