හෙට (30) පොහොය දිනයක් වුවත් අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඊයේ (28) අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කරනු ලැබුවා.
ඒ අනුව, ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර වන එම මුදල් ලබා ගැනීම සඳහා හෙට (30) පෝය දිනයේත් සියලු රාජ්‍ය බැංකු, ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව වාර්තා වෙනවා.