දුරකථන කතාවට උකසට තැබූ ජීවිතය
Tuesday, 29 August 2023 - 9:55 | Views - 616
ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.
පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කළ දුම්රියේ ගැටී මෙම තරුණිය මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණියක්.
කෙසේ වෙතත්, දුම්රියේ ගැටීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඇය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබුණ ද එහිදී ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article