ගෙරියෝ කියන්නේ කවුද ? බලන්නකෝ මේ ගැන ඔයාලා දන්නවාද කියලා.. (Photos)
ගෙරියෝ දැකල තියෙනවද..?වේයන්ට වඩා තරමක් විශාල සහ තරමක් තද දුඹුරු පැහැයකින් යුතු කෘමියෙක්.
ඔබ සමහර විට මොවුන් ඉතාමත් විශාල සංඛ්යාවක් පෝලිමේ යනවා දැකලත් ඇති.
මෙයාලගේ විශේෂත්වය වෙන්නේ මෙයාලා හදන ගෙරිපස් ඖෂධයක් වෙන නිසයි.
කැඩුම් බිදුම් වෙදකමට කම්බුල් ආශ්රිතව රෝග වලට ගෙරි පස් යොදාගන්නා අතරමශරීරයේ ගෙඩි දැමීමේදී,සර්පයන් දෂ්ට කිරීමේදී,මෙන්ම ගුරුකම්,ශාන්තිකර්ම ආදියට මෙම ගෙරි පස් භාවිතා කරනවා.ඉතාමත් දුර්ලභ ඖෂධයක් මේක.මිනිස් වාසයට කැමති නැති ගෙරියා කැලෑවේ ගල් තලාවල ගස් බෙන ආශ්රිතව නිවාස තනා ගන්නවා..මොවුන්ගේ ජනපද විශාල වශයෙන් පිහිටා ඇති ස්ථානද දකින්න පුළුවන්.ඒවා ගෙරි වැල් නමින් ගැමියන් විසින් හඳුන්වනවා..ගෙරියෝ රංචු පිටින් පෝලිමට ගමන් කරන විට කුඩා සතුන් මැදින් ගමන් කරන අතර ඔවුන් සේවකයන් ලෙසයි සලකන්නේ.තරමක් විශාල සතුන් ආරක්ශකයන් ..කුමන හෝ අවශයතාවයකට ගෙරි පස් රැගෙන යනවානම් ගෙරි සතුන් කූඩුවේම දමා යාමට කාරුණික විය යුතු වන්නේ තම රංචුවෙන් පිට ඔවුන්ට ජීවයක් නැති බැවින් ..සපාකන්නේ නැති ඉතා අහිංසක සතෙක්....


