
පාඩම් කරමින් මොළයට වද දෙන ඔබට සුබ ආරංචියක් ලෙස දැක්විය හැක්කේ මොළයට අල්ලන දැනුම් ප්රමාණයේ සීමාවන් නැති බවයි. අප දන්නා තරමින් නම් මෙලොව කිසිවෙකුටත් මොළයේ තොරතුරු තබාගැනීමේ ගබඩා පහසුකම් හිඟ වී යාමක් ගැන අසන්නට නැත. එසේ වුවද නූතන ලෝකයේ සකස් කිරීමට ඇති විශාල තොරතුරු ප්රමාණය නිසැකවම එක් තනි පුද්ගලයකුට එය (එම විශාල තොරතුරු ප්රමාණය) පිරිසැකසුම් කිරීමට ඇති ධාරිතාව නිසැකවම ඉක්මවා යන්නේය. මනුෂ්ය මොළයක දළ වශයෙන් සම්පර්ශක ට්රිලියන (මිලියන මිලියනයක්) 86ක හා වංකගිරියක ආකාරයෙන් සම්බන්ධ වන නියුරෝන බිලියන 86ක් ඇත. මේ ප්රමාණය සමකළ හැක්කේ පෙටබයිටයක (petabyte = එක්දහසක් මිලියන) තොරතුරු ගබඩා ධාරිතාවකි. එනම් ටෙරාබයිට 1ක මෙමරියක් (ස්මරණයක්) සහිත නවීනතම ලැප්ටොප් පරිගණකයට වඩා දහස්වාරයක් වැඩි ප්රමාණයකි.
මෙවැනි සංසන්දනවලින් යමක් නොකියවෙන තරම්ය. ඥානය නිර්මාණය කිරීම යනු දත්ත ඒකරාශී කිරීමට වඩා බෙහෙවින් වැඩි එකකි. තවද ඔබේ මොළය යනු හිස් පෙටබයිට ස්මරණ උපකරණයක් (memory stick) නොවේ. එය එවැන්නක් නම් එහි උඩුගත කිරීමේ මන්දගාමී අනුපාතය හේතුවෙන් බලාපොරොත්තු කඩ වී ආපසු එය මිලදීගත් සාප්පුවටම යවනු ඇත.
එක් තනි මොළයකට කොපමණ නම් දැනගැනීමට හැකිද යන්න ගණන් බැලීමේදී මෙය අසීරුතාවයක් බවට පත්වන්නේ මෙලෙසයි. අප කිසිදාක මොළයක් පිරෙන්න පුරවා බලා නොමැත. පිරිසැකසුම් සීමාවක් කරා ළඟාවීමට පෙර අපි නොවැරදීම කාලය වශයෙන් සීමාවක් කරා පැමිණෙන්නෙමු. බහු භාෂා විශේෂඥ Alexander Arguelles දැනටමත් භාෂා පනහකට අධික සංඛ්යාවක විශාරදයෙක් අතර ඔහු කියා සිටින්නේ ‘මට කාලය ගෙවන්න සම්පූර්ණ නිදහස ලබාදෙන්න... එහෙමනම් මට පැහැදිලිවම භාෂා සීයයක විශාරද බව ලබාගන්න පුළුවනි’ යනුවෙනි.
අපගේ මොළයේ පටු කලාප සීමාවට අපව අධෛර්යයට පත් කිරීමට ඉඩදිය යුතු නැත. කාලයත් සමඟ මානව ඥානයේ ප්රමාණය සහ සංකීර්ණතාව වැඩි වී ඇත්නම් ඥානය ලබාගැනීමේ මාර්ගයද වර්ධනය වී තිබේ. එය කථන හා ලිඛිත භාෂාව මෙන්ම මුද්රණ යන්ත්රය සහ වර්තමානයේ අන්තර්ජාලයද සමඟය. මෙලෙස ඥානය බහුලවෙද්දී ප්රගතියට බාධාව පවතින්නේ මොළයට දැරිය හැකි දැනුමේ ප්රමාණය මත නොව එහි ගුණාත්මක බව මතයි.
THE BRAIN – A User’s Guide නම් ඇසුරෙනි..
Thathu.com
119 Views
144 Views
195 Views
206 Views
94 Views
168 Views
165 Views
189 Views
112 Views
143 Views
603 Views
278 Views
280 Views
38 Views