සුළි කුණාටු අවදානමක් ?
Monday, 28 August 2023 - 11:37 | Views - 707
ඉඩැලියා නිවර්තන කුණාටුව මෙම සති අන්තයේදී සුළි කුණාටුවක් බවට පත්වී කියුබාවට සහ ෆ්ලොරිඩාවට කඩාවැදීමට නියමිතයි.
පැයට කිලෝමීටර 130 ක වේගයෙන් එම රටවලට කඩාවැදීමට නියමිත මෙම සුළි කුණාටුවෙන් දැඩි සුළං සහ තද වැසි, ජලගැලීම් ඇතිවිය හැකි බවටයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මෙම ආපදා තත්වයට මුහුණදීම සඳහා දහසකට අධික ආපදා නිලධාරීන්, මෝටර් රථ 2,400 ක් සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක්ද සූදානම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article