ලක්ෂ අටකට අස්වැසුම මුදල් - අද පොතට
Monday, 28 August 2023 - 9:54 | Views - 526
අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ මුදල් බැංකුවට අද (28) බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රතිලාභීන්ට හෙට සිට බැංකුවලින් මුදල් ලබාගැනීමට හැකි බවයි ඔහු කියා සිටියේ.

තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා දීමනා මුදල් ගෙවීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ වනවිට අභියාචනා සහ විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්, එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් කළ හැකි වනවා.

අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දැනට ලක්ෂ 15 ක පිරිසක් තේරී පත්ව සිටින අතර, ලක්ෂ 10 ක් පමණ වන අභියාචනා සහ එක්ලක්ෂ 20,000 ක් පමණ වන විරෝධතා ඉදිරිපත්ව තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top