ලක්ෂ අටකට අස්වැසුම මුදල් - අද පොතට
Monday, 28 August 2023 - 9:54 | Views - 527
අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ මුදල් බැංකුවට අද (28) බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
ඒ අනුව ප්‍රතිලාභීන්ට හෙට සිට බැංකුවලින් මුදල් ලබාගැනීමට හැකි බවයි ඔහු කියා සිටියේ.
තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා දීමනා මුදල් ගෙවීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ වනවිට අභියාචනා සහ විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්, එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් කළ හැකි වනවා.
අස්වැසුම ප්රතිලාභ ලබාගැනීම සඳහා දැනට ලක්ෂ 15 ක පිරිසක් තේරී පත්ව සිටින අතර, ලක්ෂ 10 ක් පමණ වන අභියාචනා සහ එක්ලක්ෂ 20,000 ක් පමණ වන විරෝධතා ඉදිරිපත්ව තිබෙනවා.
Share This Article