බිරිඳට පණ මෙන් ආදරය කළ ඔහුට අද තනිවෙන්න වෙලා.. තවමත් බිරිඳට ආදරෙයි අදටත් ඔහු කියන්නේ එහෙමයි... (Photos)
Monday, 28 August 2023 - 9:02 | Views - 925
එදා මේ ප්‍රේමය දුටු සෑම කෙනෙක්ම කිව්වේ සියල්ලන්ටම මෙවැනි පෙමක් හිමි වේවා...! කිසි දිනකත් මෙවැනි ප්‍රේමයක් අහිමි නොවේවා! කියායි.. 

අද ඔහු දරුවෙක් සමග තනිවුණ පියෙක්...

ඇයට මෙතරම් ආදරය සෙනෙහස ඒ හිත ඇතුලේ පොදි බැඳගෙන හිටියත් ඒ ආදරය තේරුම් ගන්න බැරි තරමට ඇගේ හිත බොලඳ වෙලා....

ඒ නිසාම වෙනත් ආදරයට සෙනෙහස පහස විඳින්න ඇය මේ පවුල බිඳ දාලා ගොඩක් දුර ගිහින්... ඒත් ඒ හිතේ ආදරය නම් තවමත් අඩු නැති හැඩයි....

එදා කිලෝමීටර් 22 මහා ගංවතුරක් මැද තම ගැබ්බර බිරිඳ ඔසවාගෙන ආ ඔහුට අද ජීවිතයේ බර උසුලන්නට සිදුව තිබෙන්නේ තනිවමයි...

ඒ තව දියණියෙකුගේද වගකීම් එක්කමයි... ඒත් අදටත් ඔහුගේ ආදරය එදා වගේමයි කියලා මේ කතාව අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන්...

මේ ඔහුගේ කතාවයි.... ඇගේ කුසයේ සිටි ඒ පුංචි මල් කැකුල කාලයත් එක්ක ටික ටික මෝරලා ඒ දෙන්නාගේ දෝතට ලැබෙනකොට ඒ තාත්තාට මේ පැංචිය ලස්සන පුංචි සුරංගනාවියක් වගේ පේන්නට ඇති... මේ කතාව සිදු වෙන්නේ 2021 වසරේදීයි....

ඒත් එක්කම මේ ගෙවී ගිය අවුරුදු දෙකක කාලයට ඒ ජීවිතවල කතාව ගොඩක් වෙනස් වෙලා... අපරිමිත පිය සෙනෙහසින් දරුවාව දෝතට ගත්ත පියා මවට වගේම දරුවාටත් තමට කල හැකි උපරිමයෙන් ලස්සන ජීවිතයක් දෙන්න උත්සාහ කරලා..

ඒත් ඒ හැම උත්සාහයකටම වඩා මේ පවුල රැකගන්න ඇගෙන් කිසිම සහයක් ලැබිලා නැහැ... යන්තමින් මේ දරුවාට මාස 9ක් වෙනකොට ඇය වෙනත් සබඳතාවක් පටන් ගන්නට හිතා තියෙන්නේ එදා විදි දුක් වෙනුවට ඇගේ අතමිට පිරෙන්නට මුදල් ලැබුණ නිසා වෙන්න ඇති...

කොහොම වුණත් මේ එදා ඇගේ සැමියා මහා ගංවතුරක් මැද මේ තමන්ගේ බිරිඳ ඔසවාගෙන ගියත් ඒ කිසිම වෙහෙසක් මහන්සියන් ඔහුට නොදැනුනේ ඇයට ඇති ආදරය නිසා වෙන්න ඇති... කොහොම වුණත්, ඒ සියලු සැනසීම ඔහුට විඳගන්නට හැකි වුණේ දරුවා දෝතට ගෙන මාස ගණනක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද...?

ඒ පුවත ගොඩක් දෙනෙක් අතරට යනකොටම ඔවුන්ට උදව් උපකාර කරන්න බොහෝ දෙනෙක් එකතු වෙලා.. ඇය ඒ මුදල් නිසා වෙනස් වෙලාලු...

කොහොම වුණත් මේ වෙද්දී මේ පුංචි දරුවාත් එදා ඒ කැපකිරීම කළ සැමියාත් තනි කරලා ඇය යන්නම ගිහින්.. වෙනත් කැඳල්ලක ඉන්න ඇයට තවමත් එදා වගේම ආදරෙයි කියලා තමයි ඔහු නම් කියන්නේ..

කොහොම වුණත් ඇය ගැන හිතුවොත් තවදුරටත් දරුවා ගැන සොයන දේ අතපසු වෙයි කියලා හිතලා ඔහු දැන් ඔහුගේ මුළු ජීවිතයම ඒ පුංචි දේණි කරගෙන ඉවරයි..

ඒත් හැරගිය බිරිඳට තමත් ඒ කැඳැල්ලේ ඉඩ තියනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.. තමගේ දෝතේ ඉන්න මේ පුංචි මල දවසක යහපත් දරුවෙක් වෙනතුරු ඔහු තනිවම හීන මවනවා... ඒත් ඒ කැඳැල්ලේ අම්මා නැති අඩුව පුරවන්න ඔහුට පුළුවන් වේවිද..? පණ වගේ තම දරුවා රකින මේ ආදරණීය සැමියාට කවදානම් සැනසීමක් ලැබේවිද..? 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top