අඹ ගෙඩියක් රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට වෙන්දේසි වෙලා..
Sunday, 27 August 2023 - 16:16 | Views - 350
වව්නියාව උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට ඊයේ (26) සවස වෙන්දේසිවී තිබෙනවා.

වව්නියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයෙ පදිංචි චන්ද්‍රන් සිනුදුරාජා නැමති කාන්තාව විසින් මෙම පූජාවට තබා තිබූ අඹ ගෙඩිය රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට මිළට ගෙන ඇති බව වාර්තා වෙනවා.

කෝවිලේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් කෝවිල් පාලක සභාව විසින් මෙම වෙන්දේසිය පැවැත්වූ බවයි සඳහන් වෙන්නේ.

මීට දින කිහිපයකට ඉහත දී උක්කුලායන්කුලම ප්‍රදේශයේම වෙනත් කෝවිලක කෝවිල් වෙන්දේසියකදී අඹ ගෙඩියක් රුපියල් 85000 ට වෙන්දේසි වී තිබුණා.

උතුරු පළාතේ හින්දු කෝවිල් වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වන අතර, වාර්ෂික කෝවිල් උත්සව වෙනුවෙන් සහභාගිවන විදේශගතව සිට මෙරටට පැමිණ සිටින ගම්වාසීන් විසින් මෙලෙස ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් කෝවිල් සංවර්ධන කටයුතු සිදුකරන බව ප්‍රදේශවාසීන් පවසනවා. 
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top