දැනෙන උණුසුමක් අවධානයෙන් ඉන්න වෙයි නේද?
Saturday, 26 August 2023 - 10:38 | Views - 409
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැඩබිම්වල සිටිය දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසයි.

එසේම කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙස ද දැනුම් දෙනවා.

ජනතාව පවසන්නේ පවතින අධික රස්නය හේතුවෙන් සිය දෛනික කටයුතු අඩාල වී ඇති බවයි.

මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් 81,203 ක පුද්ගලයින් දෙලක්ෂ 80,400 ක් පීඩාවට පත්ව සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සියලු ආයතන මීට පෙර දැනුවත් කර තිබූ බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top