උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැඩබිම්වල සිටිය දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසයි.
එසේම කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙස ද දැනුම් දෙනවා.
ජනතාව පවසන්නේ පවතින අධික රස්නය හේතුවෙන් සිය දෛනික කටයුතු අඩාල වී ඇති බවයි.
මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් 81,203 ක පුද්ගලයින් දෙලක්ෂ 80,400 ක් පීඩාවට පත්ව සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා පවසන්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සියලු ආයතන මීට පෙර දැනුවත් කර තිබූ බවයි.