දුරකථන හමුවේ භයානක තත්ත්වයක්.. මානසික රෝගයන් ට අතවැනීමක්..
ජංගම දුරකතන සහ අන්තර්ජාලට දැඩිව ඇබ්බැහි වීම හරහා දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් පවතින බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරනවා.
මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවන් වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වීම බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් බවට හඳුනා ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු අසාර්ථක වන බවත් ඔවුන්ට මව්පියන් සතුරන් ලෙස පෙනෙන බවත් වෛද්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
මෙම ඇබ්බැහිවීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි නිසා ඔවුන් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීමේ දී දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි මනෝ වෛද්‍යවරයා පැවසුවේ.