මාළු මිල දී ගැනීමට - online ක්‍රමයක්..
Friday, 25 August 2023 - 13:50 | Views - 407
ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදනය online ක්‍රමය හරහා පාරිභෝගිකයන්ගේ නිවසට ගෙන්වා ගැනීමේ පියවරක් ගන්නා බව පසුගිය (23) ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඔහු පවසන්නේ පළමු අදියරේ දී කොළඹ ප්‍රදේශවල ජනතාවට මේ පහසුකම සැලසෙනු ඇති බවත් පාරිභෝගිකයාට පහසුවන පරිදි ධීවර සංස්ථා අලෙවිසැල් රැසක QR ක්‍රමයට මුදල් ගෙවීමේ හැකියාව ද උදාකර දී ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට කිරිමණ්ඩල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 ධීවර සංස්ථා වෙළෙඳසැල නවීකරණය කර විවෘත කිරීමේ දිනයට එක් වෙමින්.
ධීවර අමාත්‍යංශය සහ ධීවර සංස්ථාව ද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිය ද, දැක්මක් සහිතව ඉදිරියට ගෙනයෑමට උත්සහා කරන බව ඔහු පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නව ලෝකයට ගැළපෙන පරිදි කටයුතු සිදු කිරිමෙන් නව පාර්භෝගික ආකර්ෂනයක් එයින් ලබා ගත හැකි බවයි.
Share This Article