අවධානය යොමු කළ යුතු උණුසුමක් අදත්
Friday, 25 August 2023 - 9:31 | Views - 520
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් අද දිනයේ අධික උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටින්නේ.

එම ප්‍රදේශවල ජනතාව වැඩබිම් තුලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් අදින ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඌව පළාතටත්, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත්, බස්නාහිර පළාත මෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top