අවධානය යොමු කළ යුතු උණුසුමක් අදත්
Friday, 25 August 2023 - 9:31 | Views - 521
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් අද දිනයේ අධික උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටින්නේ.
එම ප්‍රදේශවල ජනතාව වැඩබිම් තුලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.
සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් අදින ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර ඌව පළාතටත්, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත්, බස්නාහිර පළාත මෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
Share This Article