අයියා ට්රයල් එක ගිහින් එකනම්, මල්ලි තවමත් පාරේ බලාගෙන..
අද රටේ වෙන දේවලුත් එක්ක කොහොමද අපි මිනිස්සු විශ්වාස කරන්නේ කියන එක ගැන ගැටළුවක් වෙලා තියෙන්නේ.මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.මේ මල්ලි ඉන්නේ කැකිරාවේ.
එයාගේ තියෙන යතුරු පැදිය විකුණලා දාලා අලුත් යතුරු පැදියක් ගන්න තමයි මේ මල්ලිට වුවමනා කලේ.
ඒ නිසාම මේක විකුණන්න හොඳම තැන විදිහට ෆේස්බුකිය තෝරා ගන්නවා.
යතුරු පැදියේ හොඳම ඡායාරූප ටිකක් අරගෙන ෆේස්බුකියට එකතු කරන්නේ ඉක්මනින් ගැනුම්කරුවෙක් හොයාගන්න.
ලඟකදි ඔහුට දුරකථන ඇමතුමක් එන්නේ යතුරු පැදිය ගැන විස්තර අහලා.
මල්ලිගේ ගානට අයියත් සෙට් නිසා දිනයක් දාගත්තේ යතුරු පැදිය බලන්න එන්න කියලා.
"මල්ලි අපි බයික් එක බලලාම කතා කරගමු.මම එන්නම්"
"හරි අයියා ඔයා එන්න"
දිනේට හරියටම ආපු අයියා මල්ලි එක්ක යතුරු පැදිය එක බලන්න පටන් ගත්තා.
යතුරු පැදිය එක නම් හොඳයි මල්ලි..ගානේ වෙනසක් නෑ නේද?
නෑ අයියා..ඒක තමයි මගේ ගාන
අයියා ඕනි නම් ට්රයල් එකක් ගිහින් එන්න...
ආ අයියේ යතුර
ඒ අයියා යතුරු පැදිය එක ස්ටාර්ට් කරගෙන ගියා...
මල්ලි තවමත් පාරේ මොකද ඒ අයියා යතුරු පැදිය අරගෙන ආයේ ආවේ නැහැ.
සිද්ධිය ගැන හොයන්නේ කැකිරාවේ පොලීසියෙන්.
යතුරු පැදියත් අරන් අතුරුදහන් වුන අයියා ගැන විමර්ශනය කරන බවයි පොලීසිය කියන්නේ.
ඒ නිසා හම්බෙන හැම මනුස්සයම ඔය වගේ විශ්වාස කරන්න එපා.
මොකද අද කාලේ හරි වෙනස්.