අයියා ට්‍රයල් එක ගිහින් එකනම්, මල්ලි තවමත් පාරේ බලාගෙන..
Thursday, 24 August 2023 - 13:05 | Views - 722
අද රටේ වෙන දේවලුත් එක්ක කොහොමද අපි මිනිස්සු විශ්වාස කරන්නේ කියන එක ගැන ගැටළුවක් වෙලා තියෙන්නේ.
මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.මේ මල්ලි ඉන්නේ කැකිරාවේ.

එයාගේ තියෙන යතුරු පැදිය විකුණලා දාලා අලුත් යතුරු පැදියක් ගන්න තමයි මේ මල්ලිට වුවමනා කලේ.

ඒ නිසාම මේක විකුණන්න හොඳම තැන විදිහට ෆේස්බුකිය තෝරා ගන්නවා.

යතුරු පැදියේ හොඳම ඡායාරූප ටිකක් අරගෙන ෆේස්බුකියට එකතු කරන්නේ ඉක්මනින් ගැනුම්කරුවෙක් හොයාගන්න.

ලඟකදි ඔහුට දුරකථන ඇමතුමක් එන්නේ යතුරු පැදිය ගැන විස්තර අහලා.

මල්ලිගේ ගානට අයියත් සෙට් නිසා දිනයක් දාගත්තේ යතුරු පැදිය බලන්න එන්න කියලා.

"මල්ලි අපි බයික් එක බලලාම කතා කරගමු.මම එන්නම්"

"හරි අයියා ඔයා එන්න"

දිනේට හරියටම ආපු අයියා මල්ලි එක්ක යතුරු පැදිය එක බලන්න පටන් ගත්තා.

යතුරු පැදිය එක නම් හොඳයි මල්ලි..ගානේ වෙනසක් නෑ නේද?

නෑ අයියා..ඒක තමයි මගේ ගාන

අයියා ඕනි නම් ට්‍රයල් එකක් ගිහින් එන්න...

ආ අයියේ යතුර

ඒ අයියා යතුරු පැදිය එක ස්ටාර්ට් කරගෙන ගියා...

මල්ලි තවමත් පාරේ මොකද ඒ අයියා යතුරු පැදිය අරගෙන ආයේ ආවේ නැහැ.

සිද්ධිය ගැන හොයන්නේ කැකිරාවේ පොලීසියෙන්.

යතුරු පැදියත් අරන් අතුරුදහන් වුන අයියා ගැන විමර්ශනය කරන බවයි පොලීසිය කියන්නේ.

ඒ නිසා හම්බෙන හැම මනුස්සයම ඔය වගේ විශ්වාස කරන්න එපා.

මොකද අද කාලේ හරි වෙනස්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top