පැරණි පෙම්වතා ගැන FB එකේ තවමත් හොයනවද ? අමුතුම කතාවක් මේක..
Monday, 21 August 2023 - 12:34 | Views - 612
ඔබ කලක් ආදරයෙන් සිටි පෙම්වතා හෝ පෙම්වතිය ඔබට අහිමි වුනොත් ? එය ඔබට මහත් වේදනාවක් ගෙන දෙන කාරණයක් වෙන්න පුළුවන් නේ ද ? අද අපි ජිවත් වන 2015 වසර තාක්ෂණයෙන් බොහෝ ඉදිරියට පැමිණ සිටින කාලයක්. තරුණ පරම්පරාව සිය වටිනා කාලයෙන් බොහෝ වෙලාවක් ගත කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි වල බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ. ඒ නිසාම ඔබත් ඔබේ පෙම්වතියත් Facebook , Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල තමාගේම Profile එකක් පවත්වාගෙන යාම සාමාන්‍ය දෙයක්. නමුත් යම් කිසි හේතුවකින් ඔබ දෙදෙනාට වෙන් වෙන් වූ මාර්ග වල ගමන් කිරීමට සිදු වුවහොත් ? අතීතයේ සිදු වූ ඒ මිහිරි මතකයන් තුල ජිවත් වීම ඔබේ අනාගතයේ සාර්ථකත්වයට බාධාවක් වන බව ඔබට මොහොතකටවත් සිතුනේ ද ?

Jesse Fox සහ Robert Tokunaga විශ්ව විද්‍යාල සිසුන් 431 දෙනෙකු සහභාගී කරගෙන සමීක්ෂණයක් සිදු කළා. මේ අතරින් 150 දෙනෙක් පිරිමි ළමුන් වූ අතර ඉතිරි 281ක් දෙනා ගැහැණු ළමුන් වුනා. මේ සියලු දෙනාම පසු ගිය වසරක කාලය තුල පෙම්වතා – පෙම්වතිය දෙදෙනාම Facebook ගිණුම් පවත්වාගෙන ගිය නමුත් තම ආදරවන්තිය හෝ ආදරවන්තයාගෙන් වෙන්වීමට වූ අයයි. ඔවුන් මේ සියලු දෙනාගෙන් වෙන් වෙන් ව ප්‍රශ්න අසමින් ඔවුන් අතර කවර ආකාරයේ බැඳීමක් පැවතියේ ද, ඔවුන් කවර ආයෝජන සිදුකර ඇත්ද, කුමන කැපවීමක් කර ඇත් ද කුමන වේදනාවකින් හා පසුතැවිමකින් ඇත්දැයි විමසා බැලුවා. ඒ වගේම වෙන්වීමෙන් පසු තම පැරණි පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ FB ගිණුම හරහා කෙතරම් සොයා බැලුවේ දැයි ද විමසා සිටියා.

මේ සමීක්ෂණයේ ප්‍රතිපල අන්තර්ජාලය ආශ්‍රිත මනෝවිද්‍යාව පිලිබඳ සඟරාවක පළකෙරුනා. එයින් පෙනී ගියේ වෙන්වීමෙන් ඇති වන වේදනාව වැඩිවත්ම සමාජ ජාල වෙබ් අඩවි තුලින් අදාළ පුද්ගලයන් පිළිබඳව දිගින් දිගටම සොයාබැලීමේ ප්‍රවනතාවය ද ඉහල යන බවයි. මෙය ඔවුන් හඳුන්වන්නේ interpersonal electronic surveillance ලෙසටයි. මෙහි බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ වෙන්වීමේ තීරණයට අකමැති වූ පාර්ශවයට බවත් මේ නිසාම පසු කාලීනව ඇතිවන ආදර සම්බන්ධතා සඳහා ද මෙය බලපෑම් ඇති කරන බවට පර්යේෂකයන් පවසා සිටිනවා.

මේ ගැන වැඩිදුර අදහස් පල කල පර්යේෂක කණ්ඩායම මෙසේ පවසා සිටියා.

”සමාජ ජාල වෙබ් අඩවි ඔබේ ආදර කතාවේ මතකයන් වල එකතුවක් වැනිය. එහි ඔබ වසර ගණනාවක සිටම පලකල විවිධ දේවල් වල එකතුවක් පවතිනවා. ඔබ පැවසූ ආදර වදන්, ඡායාරූප වගේම විශේෂ අවස්ථා පිළිබඳව මතකයන් ගොන්නක් එහි තිබෙනවා. තමා විසින්ම කලකට ඉහතදී පළකර ඇති අදහස් හා ඡායාරූප දැකීමෙන් එම පැරණි මතකයන් යලි යලිත් ආවර්ජනය වෙමින් සිත තුල පැවතීමෙන් දීර්ග කාලීනව අමිහිරි හැඟීම් සමඟ ජිවත් වීමට සිදුවෙනවා. ඒවගේම සිත තුළ නොසන්සුන් බව නොඉවසිලිමත් ගතිය වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමාගේ පැරණි පෙම්වතා හෝ පෙම්වතියගේ අලුත් ජීවිතය ඔවුන්ගේ නව ආදර සිතුම් පැතුම් කොයි ආකාරයේ ස්වරුපයක් ගන්නේ ද වගේම ඔවුන්ගේ වර්තමානය හා අපේ ජිවිත එකී නෙක සංසන්දනය කර බැලීම සඳහාත් මේ නිසා පෙළඹවීමක් ඇතිවනවා. මෙමගින් සිතට ඍනාත්මක සිතුවිලි ඇතුළුවීමට පටන් ගන්නවා. ”

මේ දේවල් කියවලා බලද්දී ඔයගොලොන්ට තේරෙනවා ඇති අපිව සමාජ ජාල වෙබ් අඩවි වලින් මෙවැනි අවස්ථාවල දී මොනවගේ අපහසුතාවයකට එහෙමත් නැතිනම් අසරණ බවකට පත් කරනවා ද කියලා. එමනිසා ජිවිතයේ සියලු අවස්ථා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම විලාසිතාවක් බවට පත්වෙලා තියන මේ වගේ කාලයක බුද්ධිමත්ව කටයුතු කිරීමත් වැදගත්. නැතිවුණු දේවල් පස්සේ යන්නේ නැතුව ජීවිතය සාර්ථක කරගෙන සිරාවට ඉන්න.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top