ප්‍රවේශම් වන්න ! රේගුවෙන් ජනතාවට විශේෂ හෙළිදරව්වක්..
පුද්ගලයන් රවටමින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි රේගුව පවසනවා.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා සඳහන් කළේ.
වංචාකරුවන් විසින් විදේශ මුදල් සහිත පාර්සලයක් එවා ඇති බවට සඳහන් කරමින් රේගු ගාස්තු ගෙවන ලෙස දැනුම් දෙන අතර, ඇතැම් අවස්ථාවලදී විවිධ ත්‍යාග දිනා ඇති බවට ද සඳහන් කර තිබෙනවා.
මෙම වංචාවන් සඳහා රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක මෙන්ම රේගු නිලධාරීන්ගේ නම් ද භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
ඒ අනුව, මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසයි රේගුව ජනතාවට දැනුම් දෙන්නේ.