ලොවක් හැඳිනු Cheems අවසන් ගමන් යයි (Photos)
Sunday, 20 August 2023 - 10:46 | Views - 659
අන්තර්ජාලයේ මෙන්ම සමාජ මාධ්‍යය ඔස්සේ වඩාත් ජනප්‍රිය වූ සුනඛයෙක් වන CHEEMS මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.පසුගිය ජූලි මසදී මෙම සුනඛයාට පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ අතර ඊට ප්‍රථිකාර ලබමින් සිටියදී යි මෙලෙස මියගොස් ඇත්තේ.Ballitze නමින් පෙර හඳුන්වනු ලැබූ Cheems හොංකොං හි පවුලක් විසින් ඇති කිරීමට ලබා ගෙන තිබුණේ එම සත්ත්වයාට වයස අවුරුද්දක්ව තිබියදී යි.


Share This Article