ඩෙංගු රෝගීන් හැටඑක්දහසත් පනී
Sunday, 20 August 2023 - 9:54 | Views - 1,406
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කෙසේ වෙතත්, පසුගිය මාස 5 තුළ දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
එසේම, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article