ගුරුවරුන්ගේ වැටුපට සිද්ධ වෙන්න යන දේ - දැඩි තීරණයක් ද?
Friday, 18 August 2023 - 10:05 | Views - 6,517
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය පවසා සිටියේ.
අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ, ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි.
එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බව එම අමත්‍යාංශය සඳහන් කර සිටියේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.
Share This Article