සියලු පළාත්පාලන ආයතන සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමයක් මේ වසර අවසානයට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ මේ වනවිටත් පළාත්පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව වරිපනම් බදු ඇතුලු බදු ගෙවීම් එම පළාත්පාලන ආයතන තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරගැනීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.