ලබන වසරේ සිට පාසල් සිසුන්ට වර්ෂයට - එක විභාගයයි
Sunday, 06 August 2023 - 13:31 | Views - 1,986
2024 වසරේ සිට සියලු පාසල්වල වාර විභාග වසරකට වරක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්.

සෑම පාසලකම 01 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිය දක්වා එනම් 13 වන ශ්‍රේණිය දක්වා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙතෙක් සෑම පාසලකම වසරකට වාර විභාග තුනක් පැවැත්වුණා. සෑම වාර‍යකට වරක් සෑම විෂයකම එතෙක් ඉගැන්වූ විෂය නිර්දේශය පදනම් කර ගනිමින් වාර අවසානයේ විභාගයක් පැවැත්වුණ අතර සෑම විෂයකම සිසුන් ලබා ගත් ලකුණු සහ අදාළ ශ්‍රේණිය තුළ තමන් සිටින ස්ථානය ද ඉන් සිසුන්ට දැන ගන්නට ලැබුණා.

වාර විභාගයක් අවසානයේ සිසුන්ට නිවාඩුවක් හිමි වුණ අතර එම නිවාඩුවේදී තමන්ගේ වැරැදි අඩුපාඩු සකස් කර ගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමි වුණා.

වසර අවසානයේ පැවැත්වෙන අවසාන වාර විභාගයෙන් පසුව ලැබෙන පාසල් නිවාඩුවෙන් පසුව සිසුන් අලුත් ශ්‍රේණියකට උසස් වීම පාසල් පද්ධතිය තුළ මෙතෙක් සිදවුණ ක්‍රමවේදයයි.

පාසල් සිසුන්ට විෂය නිර්දේශය සහ පාසල තුළින් ලැබෙන බර අඩු කිරීම සඳහා වසරකට වරක් වාර විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කළ බවයි වාර්තා වන්නේ. 
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top