ඉන්දීය චන්ද්‍රයාන් 3 යානය, සාර්ථකව සඳ කක්ෂයට ඇතුළු වෙයි
Sunday, 06 August 2023 - 9:09 | Views - 470
සඳ තරණය කිරීමේ ඓතිහාසික මෙහෙයුමට එක්වූ ඉන්දීය චන්ද්‍රයාන් 3 යානය, සාර්ථකව සඳ කක්ෂයට ඇතුළු වී තිබෙනවා.

ඉන්දීය අභ්‍යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ ආයතනය සඳහන් කළේ චන්ද්‍රයාන් 3 දක්ෂිණ ධ්‍රැවය ඉලක්ක කර චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ බවටයි.

මෙම අභ්‍යවකාශ යානය ඕබිටරයක්, ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිතව ගුවන්ගත කරනු ලැබුවේ පසුගිය මස 14 වන දායි.

ලබන 23 හෝ 24 දිනවල චන්ද්‍ර පෘෂ්ඨය මත ලෑන්ඩරය සහ රෝවරය පතිත කරවීමටයි ඉන්දීය විද්‍යාඥයන් සැළසුම් කර ඇත්තේ.

එය සාර්ථක වුවහොත් සඳේ එතරම් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබසින පළමු රට ඉන්දියාව වනු ඇති.

එමෙන්ම එය ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකරන සිව්වන අවස්ථාව ද වනවා.

ඉන්දීය අභ්‍යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ මගින් මෙම මෙහෙයුමට වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.1 ක්.

ඉන්දීය මාධ්‍ය, කිලෝග්‍රෑම් 3921 ක් බරැති චන්ද්‍රයාන් යානයේ බර සමාන කර ඇත්තේ ආසියානු ඇතුන් 130 කගේ බරකටයි.  




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top