එයා '' හා ''කියයි - බයවෙන්න එපා තව කල් තියෙනවා.. ආදරේ වෙනුවෙන් බලන් ඉන්න ඔයාටමයි මේ..(Photos)
Friday, 04 August 2023 - 15:10 | Views - 346
ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා කොච්චර කතා කිව්වත් සමහරු හිතනවා "නෑ එහෙම එකක් නෑ" කියලා...ඒත් මේ කියන්න යන්නේ ආදරේට වයස ප්‍රශ්නයක් නොවුණු කතාවක්... ඇය මැලේසියානු සම්භවයක් සහිත ජනප්‍රිය නිළියක් වන මිෂෙල්... වයස අවුරුදු 60 සම්පූර්ණ වුණාටත් පස්සෙ තමයි ඇය යුග දිවියට ඇතුළත් වෙන්නේ...ඇගේ අත ගත්තේ වයස අවුරුදු 77ක් වෙන සීන් ටොඩ් නැමැති ප්‍රංශ ජාතික ධනපතියෙක්.... මේ ආදරය පටන් පටන්ගෙන තියෙන්නේ 2004 ජූලි මස 26 වෙනිදා...ඒත් ඒක, ඒක පාර්ශවීය ආදරයක් වුණා.. මේ කතාව කොහොම විසඳෙන්න තිබ්බද කියන එක කාටවත් හිතාගන්න බැරි වුණ දෙයක්...ඒත් පසුගිය ජූලි 27 වැනිදා මොවුන්ගේ ආදර කතාව ආයෙත් අලුත් වුණා... ඒ දවස් 6992කට පස්සේ.. ඒ කියන්නෙ වසර 19කට පස්සේ...මේ බව ඇගේ සමාජ ජාලාවල මිෂෙල් සඳහන් කරලා තිබ්බා...කොහොම වුණත් මේ විදිහට ඇයගේ කැමැත්ත දිනා ගත්ත දවසම ඔවුන් බොහොම චාම් විදිහට විවාහ වුණා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ....




Share This Article