බිරිය අනියම් සැමියා සමඟ දුවද්දී, සැමියා රෝද තුන ගිනිබත් කරලා..
Thursday, 03 August 2023 - 12:43 | Views - 485
සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටිනු දුටු බිරියගේ සැමියා එම ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කර තිබෙනවා.
මෙලෙස ත්‍රීරෝද රථයට ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කර සිටියා.
කෙසේ වෙතත්, සිද්ධිය මෙසේය...
අත්අඩංගුවට පත් සැකකරුගේ බිරිඳ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය පසුගිය දිනක උදෑසන සේවයට යාමට නිවසින් පිටත්ව ගොස්, අනියම් සැමියා සමග හොරණ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ ත්‍රිරෝද රථයක සිට ඇති බවයි සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ.
එසේම, අදාළ සැකකරු පැමිණෙන දුටු අනියම් පෙම් යුවල ත්‍රීරෝද රථයද මහමග දමා දිව ගොස් ඇති බවත්, එහිදී උරණවූ සැකකරු ත්‍රීරෝද රථයට ගිනිතබා මුළුමනින්ම විනශකර ඇති බවත් පොලිසිය හමු වේ සැකකරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ මූලස්ථාන පොලිසිය මෙහෙයවනු ලබනවා.
උපුටා ගැනීම
ලංකාදීප
Share This Article