බිරිඳ පුදුම කරන්න - සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් ...
ගොවියෙකු වූ ලී විල්සන් තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ අක්කර 80 ක භූම් ප්‍රමාණයක සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එළඹෙන අගෝස්තු 10 වැනිදාට යෙදී තිබෙන 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තම බිරිඳව පුදුම කිරීමට මෙය සිදු කළ බවයි ලී විල්සන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ,
එමෙන්ම ඔහුගේ බිරිඳ බොහෝ සේ සූරියකාන්ත මල් වලට ආශා කිරීම හේතුවෙන් පුත්‍රයාගේ සහායද සමග අක්කර 80 ක මෙම වගාව සිදු කර ඇති බවත් ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එරට මාධ්‍ය පවසන්නේ මේ වන විට අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් හොඳින් වැඩී තිබෙන බවයි.