වැලි කෝපි..? බීලා තියෙනවා ද? (Photos)
Sunday, 30 July 2023 - 9:23 | Views - 857
කෝපී කියන්නේ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය පානයක්නේ.

ඒ වගේම කෝපි බොන්න ගොඩ දෙනෙක්ගේ තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්.

මේ තරම් ජනප්‍රිය පානයක් වුන කෝපි පිළියෙල ආකාරයත් ඉතාමත් විචිත්‍රයි.

මේ කියන්න යන්නේ නම් අපි සාමාන්‍යයෙන් හදන කෝපි ගැන නෙවෙයි.

මේ කෝපි හදන ක්‍රමය වෙනස්.

හැබැයි මේ ලංකාවේ කෝපි හදන විදිහක් නෙවෙයි.

මේ විදිහට කෝපි හදන්නේ තුර්කියේ.

තුර්කියේ විතරක් නෙවෙයි මැද පෙරදිග රටවල කෝපි හදන්නත් මේ ක්‍රමයයි පාවිච්චි කරන්නේ.

අපි නම් කෝපි හදන්නේ ලිපේ රත් කරලනේ.

හැබැයි ඔවුන් කෝපි හදන්නේ තඹ හැලියක රත්වන වැලි සමඟ රත්වන්නට හරිමින් .

මේ කෝපි කෝප්පය සැකසෙන්නේ "චෙවැහ්" කියන භාජනයේ.

කුඩු කරගත් ගුණාත්මක සහ විශේෂිත වූ කෝපි ඇට වලින් තමයි මේ රසවත් කෝපි පානය සූදානම් වෙන්නේ.

කොහොම වුනත් මේ කෝපි පානයේ තවත් විශේෂත්වයක් තියෙනවා ඒ තමයි මේ කෝපි පෙරාගන්නෙ නැහැ.

ලෝකයේ රටවල් අතරින් හොඳම කෝපි කෝප්පයක රස බලනවා නම් ඒ අතරට තුර්කියත් එකතු වෙනවා.

මොකද හොඳම කෝපී පානයන් හැදෙන රටක් විදිහට වගේම කෝපි සමඟින් බැඳුන ඉතිහාසයක් ඇති රටක් ලෙසත් තුර්කිය හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම තමයි තුර්කියේ හැදෙන කෝපී උකු සහ සැර ගතියෙන් වැඩි බවටයි කියැවෙන්නේ.

තුර්කියට එන සංචාරකයින් අතර මේ කෝපි පානය ඉතාමත් ජනප්‍රියයි.










Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top