බිරිඳගෙ අනියම් පෙම්වතාට පහරදී මුදල් කොල්ලකෑ සැමියා සොයා විමර්ශන
Saturday, 29 July 2023 - 15:26 | Views - 1,825
බිරිඳගෙ අනියම් පෙම්වතාට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිය බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට තොරතුරු දැනගැනීමෙන් අනතුරුව, මෙම පුද්ගලයා මාදොල අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි එම අනියම් පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහිදී තියුණු ආයුධයකින් පහරදී මුදල් හා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කොල්ල කා තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරු මෙම සිද්ධියෙන් අනතුරුව පළා ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article