විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔවුන් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි.
එම කාර්යංශය සමඟ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට පසුගිය දිනෙක අත්සන් තැබුණ අතර දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න් 107 ක් මෙයට යොදවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිත බවත් තවත් 4,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බවයි එම කාර්යාංශය සඳහන් කොට සිටින්නේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.