සැකකරු වෙනුවට - සැරයන් ගෙදර
Saturday, 29 July 2023 - 12:45 | Views - 642
බේරුවල පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
පසුගියදා (27) සවස හෙරොයින් සන්තකයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පයාගල හොරගස්කැලේ පදිංචි සැකකරුවෙකු මෙලෙස සිරමැදිරියෙන් පලාගොස් ඇති බවයි බේරුවල පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, නිසි ලෙස සිර මැදිරියේ ඉබි යතුරු නොදැමීම නිසා මෙම සැකකරු පලාගොස් ඇති බව විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.
Share This Article