කූඹියන් අතරින් මේ කූඹියෝ විශේෂයි... බලන්නකො මොකක්ද මේ විශේෂත්වය කියලා..(Photos)
Saturday, 29 July 2023 - 8:42 | Views - 1,594
පායනා කාලෙදි රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ....

අපි කූඹියෝ ගැන දන්නේ එහෙම.මහන්සි වෙලා වැඩ කරලා ආහාර හිඟයක් ඇති වන කාල වකවානුවෙදි තමන්ගේ වර්ගයා වෙනුවෙන් කෑම එක් රැස් කරන කම්මැලි නැති කූඹියන්ගේ තවත් විශේෂයක් ගැනයි මේ කියන්න හදන්නේ.

ඔවුන්ව හඳුන්වන්නේ "හනිපොට් සිරප් ඈන්ට්" විදිහට.

මොවුන් සාමාන්‍ය කූඹින් වුනත් කෑම හිඟ කාලයේදී ජනපදයේ පැවැත්ම උදෙසා විශේෂිත වූ කැප කිරීම් කරන කොට්ඨාසයක්ද ඔවුන්ගේ ජනපදයේ ජීවත් වෙනවා .

ඔවුන්ගේ විශේෂත්වය තමයි ඔවුන් කෑම එක් රැස් කරන්නේ තමන්ගේ උදරයේ.

කෑමවලින් උරාගන්නා යුෂ සිරප් විදිහට තමන්ගේ උදරයේ තැන්පත් කරගන්නේ ආහාර හිඟ කලයේදී පාවිච්චියට ගන්න.

මේ පැනි ආහාර හිඟ කාලයේදී අනෙකුත් කුහුඹුවන් ගේ පවා පරිභෝජනය උදෙසා භාවිතයට ගැනීමටයි එලෙස ගබඩා කරන්නේ.

මෙම පැනි කුහුඹුවන් ජනපදයේ විශේෂිත වූ කුටියක ජීවත්වන අතරම කම්කරු කුහුඹුවන් විසින් ඔවුනට සීනි සහිත ආහාර වර්ග ගෙනැවිත් දෙනු ලබනවා.

එම ආහාර ලබා ගන්නා පැනි කුහුඹුවන් තම ශරීරයේ තිබෙන ගබඩාවේ යුෂ ලෙස ඒවා ඉතිරි කරගන්නවා..

ආහාර හිඟයක් පැමිණි විටදී පැණි කුහුඹුවන්ගේ ශරීරයට කම්කරු කුහුඹුවන් විසින් මෘදුව තට්ටු කරන විට තමයි ඔවුන් එම ආහාර ලබා දෙන්නේ.

ඉන් පසු කම්කරු කුහුඹුවන් විසින් ජනපදයේ අනෙකුත් කුහුඹුවන් වෙත එම ආහාර බෙදා හරිනු ලබනවා. .

ඔවුන් උතුරු හා දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ අප්‍රිකාවේ ශුෂ්ක ප්‍රදේශවල වල දක්නට ලැබෙනවා.

මෙම පැනි කුහුඹුවන් පාරිස‍රිකව ඉතාමත් වැදගත් පිරිසක් වන අතරම ජනපදයේ ප්‍රවර්ධනය උදෙසාද ඔවුන් සිදු කරනුයේ ඉතාමත් වැදගත් කාර්‍යභාරයක්.

මෙම කූඹින් ආහාරයක් ලෙසද භාවිතා කරන ආදිවාසින්ද සිටින බවයි ආරංචි වෙන්නේ. 












Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top