AI තාක්ෂණයෙන් පුවත් ප්‍රකාශ කිරීම - පළමුවරට ඉන්දියාවෙන්
Friday, 28 July 2023 - 14:55 | Views - 898
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ‘ලීසා’ නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කරමින් පළමු වරට AI තාක්ෂණයෙන් පුවත් ප්‍රකාශ කිරීම ආරම්භ කර තිබෙනවා.

කෘතීම බුද්ධිය යොදාගෙන ආසියානු කලාපයේ පළමු වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මෙය බවයි වාර්තා වෙන්නේ.

ඔඩීෂා ප්‍රාන්ත වැසියන් ලීසා ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තම ප්‍රාන්තයේ පුවත් නාළිකාවක් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බවයි.

බොහෝ දෙනා පවසන්නේ තමන් පුවත් නරඹන්නේ, ලීසා සැබෑ නිවේදිකාවක් යැයි සිතමින් බවයි.

‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර ඇත්තේ, දියුණු නවීන තාක්ෂණය භාවිත කරමින් ලීසා නිර්මාණය කළ බවයි.

කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් එසේත් නැතිනම් AI නිවේදිකාවන් ඩිජිටල් පුවත්කරණය අලුත් මඟකට යොමු කරනු ඇති බව ද ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ලීසාගේ ආරම්භකම ප්‍රකාශය වූයේ " හැමෝටම උණුසුම් සුබ පැතුම්,මම ලීසා '' යන්නයි.

ඉදිරියේ දී ඇගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තව දුරටත් වර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ජාගි මංගාත් පණ්ඩා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටින්නේ.
 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top