ඉතාමත් දුර්ලභ ගණයෙහි ලා සැලකෙන විශාල දැති මෝරෙකු ඉන්දියාවේ මහාරාශ්ට ප්රාන්තයේ ධීවර දැලකට හසුවී තිබෙනවා.
බරින් කිලෝ 700 ක් පමණ වන මෙම විශාල මෝරා දිගින් අඩි 20 ක් පමණ වනවා.
කියතක් වැනි දිගු නාසයක් සහිත මෙවැනි මෝරෙකු ඉන්දීය ධීවර දැලකට හසුවූ පළමු අවස්ථාවත් මෙය බවයි ඉන්දීය මාධ්ය වාර්තා කර තිබුණේ.
එමෙන්ම මෙම මෝරා හසුවූ ධීවර කලාපයේ විශාල වශයෙන් තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්යයින්ද සිටින බවයි ධීවරයින් පවසා තිබෙන්නේ.
වීඩියෝ සහ ඡායාරූප පහතින්.