ඉතිහාසයේ පළමු වතාවට ලිංගිකත්වය පිළිබඳව පත්වූ ඇමතිවරිය
Sunday, 02 April 2017 - 10:14 | Views - 2,705
වේගයෙන් පහත වැටෙන ස්පාඤ්ඤ ජනගහනය වර්ධනය කිරීමට එරට රජය විසින් ඉතිහාසයේ පළමු වතාවට “ලිංගිකත්වය පිළිබඳ ඇමැතිනියක” පත්කර තිබෙනවා.

දරු උපත් ප්‍රමාණය අඩුවීමට හේතු සොයා, වැඩි වැඩියෙන් දරුවන් සෑදීමට රටේ ජනතාව පෙලඹවීමයි ඇයගේ වගකීම වන්නේ.

ලිංගිකත්වය පිළිබඳ ඇමැති ධුරය පිරිනැමුණේ Edelmira Barreira නමැති කාන්තා දේශපාලන ක්‍රියාකාරිනියටයි.

සංවර්ධිත රටවල් අතර ඇති අඩුම දරු උපත් ප්‍රමාණයක් ඇති රටක් ලෙස ස්පාඤ්ඤය හඳුනාගෙන තිබෙන අතර ස්පාඤ්ඤ කාන්තාවන් පළමු දරුවා බිහි කිරීම සිදුකරන්නේ සාමාන්‍යයෙන් වයස 32 දී පමණ බවත්, බොහෝ අලුත් ජෝඩු එක දරුවකුගෙන් සෑහීමට පත්වන බවත් සමාජ ගවේෂණයකින් සොයාගෙන තිබෙනවා.

ගවේෂණය සිදු කළ සමාජ විද්‍යාඥයන් පවසන්නේ සමාජයේ බහුතරයක් දෙනා විවිධ සමාජ ආර්ථික කරුණු නිසා මානසිකව විඩාපත් බවක් පෙන්වන අතර ලිංගික ජීවිතයක් කෙරෙහි සිත් යොමු කිරීමට තරම් සැහැල්ලුවක් නැතිව ජීවත්වන බවයි.

දීර්ඝ වැඩමුරයන්හි ගැහැනු පිරිමි භේදයක් නැතිව නියැළීමත්, රාත්‍රී ආහාර ගෙන කෙළින්ම නින්දට වැටීමත් නිසා සමස්තයක් ලෙස රටේ දරු උපත් ප්‍රමාණය අඩු වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

Edelmira Barreira නම් ලිංගික කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ නව ඇමැතිවරිය රට තුළ විශාල ප්‍රබෝධයක් ඇති කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top