ලොව වැඩිම මිලට තම කන්යාභාවය අලෙවි කල කාන්තාවන් දසදෙනා
Saturday, 01 April 2017 - 11:09 | Views - 46,397

බොහෝ රටවල සුරූපිණියන් තම පළමු ලිංගික එකතු වීමට අධික මිලක් නියම කරන වෙළෙඳපොලක් පවතිනවා.
ඒ අතරින් මේ ලිපියෙන් කියවෙන්නේ ලොවටම ප්රසිද්ධ වූ හා ලොව මෙතෙක් වැඩිම මිලට තම කන්යාභාවය අලෙවි කල කාන්තාවන්ගේ එවැනි ආකාරයේ ගණුදෙණු 10ක් පිළිබඳවයි.
10. Rosie Reid
18 හැවිරිදි ඇමරිකානු යුවතියක් වූ Rosie Reid, 2014 ජනවාරි මසදී තම කන්යාභාවය විකිණීමට තීරණය කර පසු පිරිමින් 2000කට අධික ප්රමාණයක් එයට ලංසු තබා ඇත. අවසානයේදී ඇයගේ කන්යාභාවය මිළට ගනු ලැබුවේ 44 හැවිරිදි දික්කසාද වූ ඉංජිනේරුවෙක් විසිනි. ඒ ඇමරිකානු ඩොලර් 13,300කටයි. මේ වෙන්දේසියෙන් පසුව Rosie තමා ගත් තීරණය පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්ව තිබෙනවා.
9. Alina Percea
රුමේනියානු ජාතික Alina Percea නම් තරුණිය 2009 වර්ෂයේදී තම කන්යාභාවය විකිණීමට තීරණය කරන්නේ ඇයගේ පරිඝණක උපාධිය සම්පූර්ණ කිරීමටයි. අවසානයේදී ඇයගේ කන්යාභාවය ඇමරිකානු ඩොලර් 14,900කට විකුණුවේ ඉතාලි ජාතිකයෙකුටයි.
Alina, ඉතාලි ජාතිකයත් සමග ගතකල කාලය ඉතා සතුටින් ගතකල බවත් නැවත වරක් ඔහුව හමුවුනොත් මුදල් අය කිරිමකින් තොරව නැවත ඔහු සමඟ ලිංගිකව එක්වන බවද පවසා තිබෙනවා.
8.Shatuniha
රුසියානු ජාතික මෙම තරුණිය ඇගේ කන්යාභාවය විකුණා ඇත්තේ eBay හා සමාන වෙබ් අඩවියක් මගිනි. ලංසුව දිනු පුද්ගලයා ඇමරිකානු ඩොලර් 28,000ක් ලබාදී ඇත. හෝටලයක සිදුවු මෙම ගණුදෙණුවෙන් පසුව ඔවුන් වෙන්ව ගොස් ඇත.
7. Unigirl
තම නම ප්රසිද්ධ නොකල නවසීලන්ත ජාතික යුවතියක් ඇගේ අධ්යාපන කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකිව ඇගේ කන්යාභාවය ඇමරිකානු ඩොලර් 32,000කට විකුණා ඇත්තේ අන්තර්ජාලය තුලිනි.
6. Cathy Cobblerson
ඇමරිකානු ජාතික Cathy Cobblerson නම් තරුණිය තම කන්යාභාවය ඇමරිකානු ඩොලර් 32,000කට විකුණා ඇත්තේ ඇගේ ණය තුරස්වලින් නිදහස් වීමට බව සඳහන් වෙනවා..
5. Catarina Migliorini
2012 වසරේදී බ්රසීල ජාතක Catarina Migliorini නම් තරුණිය තම කන්යාභාවය ඇමරිකානු ඩොලර් 708,000 කට ජපන් ජාතිකයෙකුට විකුණා ඇත්තේ දුප්පත් මිනිසුන්ට නිවෙස් තනා දීමට බවයි පවසා ඇත්තේ.
4. Elizabeth Raine
ඇමරිකානු ජාතික Elizabeth Raine 2004 වර්ෂයේ වෛද්ය සිසුවියක්ව සිටියදී තම කන්යාභාවය විකුණන්නේ ඇමරිකානු ඩොලර් 801,000ටයි. මෙහිදී විශේෂත්වයක් වන්නේ ඇය එම මුදලින් 35%ක් දුප්පතුන්ට බෙදා දීමයි.
3. Graciela Yataco
18 හැවිරිදි Graciela Yataco තම කන්යාභාවය විකිණීමට තීරණය කර ඇත්තේ තම මවගේ බෙහෙත්වලට වියදම් කිරීම සඳහා සඳහා මුදල් සොයාගැනීමටයි. 2015 වසරේදී පේරු රාජ්යයේදී මෙම තරුණියව ඇමරිකානු ඩොලර් මිලියන 1.3 මිළදී ගෙන ඇත්තේ කැනේඩියානු ජාතිකයෙකු විසිනි.
2. Raffaella Fico
26 හැවිරිදි ඉතාලි ජාතික නිරූපණ ශිල්පිණියක්වන Raffaella Fico තම කන්යාභාවය ඇමරිකානු ඩොලර් මිලියන 1.8කට විකුණන්නේ 2008 වසරේදීයි. ඇය එම මුදල්වලින් රෝමය ප්රදේශයෙන් නිවසක් මිලදී ගෙන ඇති අතර ඉතිරි මුදල් ඇගේ නිරූපණ ශිල්පී වැඩ කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
1. Natalie Dylan
22 හැවිරිදි Natalie Dylan තම කන්යාභාවය විකිණීමට ප්රසිද්ධිය ලබාගෙන ඇත්තේ රූපවාහිනි වැඩසටහනක් මගින් වන අතර ඇය ඇමරිකානු ඩොලර් මිලියන 3.7කට එම ගණුදෙණුව සිදුකර ඇත්තේ තම උපාධිය සම්පූර්ණ කිරීමට වූවද ඇය එම මුදල්වලින් නවීන පන්නයේ නිවසක් හා සුපිරි මෝටර් රථයක් මිලට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
Share This Article