කොහේ හිටියත් දුවගෙන ඇවිත් පොඩි ළමයෙක් වගේ කාටුන් බලන කුකුළා
Friday, 31 March 2017 - 14:41 | Views - 2,272
කොහේ හිටියත් දුවගෙන ඇවිත් කාටූන් බලන පෙතිගම්මන කුකුළා

නිවසේ රූපවාහිනි එක දාපු ගමන් කොහේ සිටියත් දුවගෙන ඇවිත් රූපවාහිනිය බලන කුකුළෙක් හෙම්මාතගම පෙතිගම්මන ප්‍රාදේශයේදි අප වාර්තාකරුට දැක ගැනිමට හැකි වී තිබෙනවා.

මෙම කුකුළා සිටින්නේ පෙතිගම්මන පදිංචි එම්.ඒ.සෙනවිරත්න මහතාගේ නිවසෙයි. මාස 8 ක පමණ සිට ටී.වී බැලිමට නිරායාසයේම පුරුදු වු බව කියන මෙ කුකුළා වැඩිපුරම කාටුන් වැඩසටහන් නැරඹීමට ප්‍රියතාවයක් දක්වන බවද සෙනවිරත්න මහතා කියා සිටියා.

ටී.වී එකේ හඬ හා රේඩියෝ එකේ හඬ හොඳින් හඳුනන මේ කුකුළා ටී.වී දාපු සැනින් වත්තේ කොහේ සිටියත් සාලයට ඇතුලූ වී එහි ඇති ඇඳෙහි වියනට වී හෝ ඇඳ මත සිට රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටිනවා.

පාසල් නිවාඩු ඉරිදා සෙනසුරාදා ගෙදර කුඩා දරුවන් කාටුන් බලන අතර කුකුළාද එම දරුවන් සමග ටී.වී බලන බවයි පැවසෙන්නේ.

මෙම කුකුළා සමහර අවස්ථාවල නිවසේ මළපහ කරන බැවින් ගෙදර වැඩිහිටියන් සතාව එළවන අවස්ථාවන්හි එම නිවසේ සාලය අසල දොරකඩට වී රූපවාහිනිය නරඹන තුරු එහි රැඳී සිටින බවද සෙනෙවිරත්න මහතා පැවසුවා.

වයස අවුරුද්දක් පමණ වන මේ සතා රාත්‍රී කාලයේ නිවසේ කාමරයක මේසයක් මත නිදන බවත් සතා වෙනුවෙන් නිවසේ කූඩුවක් නොමැති අතර නිදැල්ලේ සිටින බවත් පවසන ගෙහිමියන් නිවසේ වත්තෙන් බැහැර නොවන කුකුළා නිරන්තරයෙන් නිවස අවට රැඳී සිටින බවද සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top