කොහේ හිටියත් දුවගෙන ඇවිත් කාටූන් බලන පෙතිගම්මන කුකුළා
නිවසේ රූපවාහිනි එක දාපු ගමන් කොහේ සිටියත් දුවගෙන ඇවිත් රූපවාහිනිය බලන කුකුළෙක් හෙම්මාතගම පෙතිගම්මන ප්රාදේශයේදි අප වාර්තාකරුට දැක ගැනිමට හැකි වී තිබෙනවා.
මෙම කුකුළා සිටින්නේ පෙතිගම්මන පදිංචි එම්.ඒ.සෙනවිරත්න මහතාගේ නිවසෙයි. මාස 8 ක පමණ සිට ටී.වී බැලිමට නිරායාසයේම පුරුදු වු බව කියන මෙ කුකුළා වැඩිපුරම කාටුන් වැඩසටහන් නැරඹීමට ප්රියතාවයක් දක්වන බවද සෙනවිරත්න මහතා කියා සිටියා.
ටී.වී එකේ හඬ හා රේඩියෝ එකේ හඬ හොඳින් හඳුනන මේ කුකුළා ටී.වී දාපු සැනින් වත්තේ කොහේ සිටියත් සාලයට ඇතුලූ වී එහි ඇති ඇඳෙහි වියනට වී හෝ ඇඳ මත සිට රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටිනවා.
පාසල් නිවාඩු ඉරිදා සෙනසුරාදා ගෙදර කුඩා දරුවන් කාටුන් බලන අතර කුකුළාද එම දරුවන් සමග ටී.වී බලන බවයි පැවසෙන්නේ.
මෙම කුකුළා සමහර අවස්ථාවල නිවසේ මළපහ කරන බැවින් ගෙදර වැඩිහිටියන් සතාව එළවන අවස්ථාවන්හි එම නිවසේ සාලය අසල දොරකඩට වී රූපවාහිනිය නරඹන තුරු එහි රැඳී සිටින බවද සෙනෙවිරත්න මහතා පැවසුවා.
වයස අවුරුද්දක් පමණ වන මේ සතා රාත්රී කාලයේ නිවසේ කාමරයක මේසයක් මත නිදන බවත් සතා වෙනුවෙන් නිවසේ කූඩුවක් නොමැති අතර නිදැල්ලේ සිටින බවත් පවසන ගෙහිමියන් නිවසේ වත්තෙන් බැහැර නොවන කුකුළා නිරන්තරයෙන් නිවස අවට රැඳී සිටින බවද සඳහන් කළා.