ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (Video)
Wednesday, 25 August 2021 - 17:30 | Views - 13,341
පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

සිකුරාදා දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන මරණ ප්‍රමාණයත් අනුව 30වනදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන  බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නොලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

සංචරණ සීමා පනවනු ලැබුවේ ජනතාවගේ සංචරණය සීමා කර රෝගීන් අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් වන අතර වෛරසය පැතිරීම වැළැක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුලින් බව ද අසේල ගුණවර්ධන මහතා කියාසිටියා.

එබැවින් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුල හැකි තාක් නිවෙස්වලට වී සිටින ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

එසේ නොමැති වුව හොත් ඉදිරියට ද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇදිරි නීතිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 4 ටයි.

මේ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකේ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, අතරමැදියන් විසින් රැස් කර සඟවා ගෙන සිටින සහල් තොග වැටලීමේ කටයුතු මේ වනවිට පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top