සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඖෂධ කිසිවක් දරුවන්ට දෙන්න එපා
Tuesday, 24 August 2021 - 15:41 | Views - 7,072
කෝවිඩ් වෛරසයේ අධි ව්‍යාප්තියත් සමඟ ළමයින් එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එබැවින් රෝග ලක්ෂණ පෙන්වන මුල් අවස්ථාවේදී ම දරුවන් පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමුකර, ඔහුගේ උපදෙස් අනුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීම වඩාත් ඥාණාන්විත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ළමා රෝහල තුළ කිසිදු ඔක්සිජන් හිඟයක් නැති බවයි.

එමෙන්ම, දරුවන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ වැඩකටයුතු ද ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඖෂධ කිසිදු අවස්ථාවක දරුවන්ට ලබාදීම සුදුසු ක්‍රියාවක් නො වන බවට ඔහු අවධාරණය කරනවා.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ, වෛද්‍යවරයකුගේ නිසි උපදේශයකින් තොර ව කිසිදු අවස්තාවක දරුවන්ට ඖෂධ ලබාදීම සිදු නො කළ යුතු බවට යි.

ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ කළු දිලීර රෝගය ව්‍යාප්ත වීමට මෙම අනවශ්‍ය ඖෂධ ලබාදීම ප්‍රධාන හේතුවක් වූ බවයි.

එමෙන්ම දරුවන්ට අනවශ්‍ය ලෙස විටමින් ලබා දීම ද නො කරන ලෙස උපදෙස් දෙන විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ රෝගී දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට කිසිසේත් බිය විය යුතු නැති බවයි.

කෙසේ වෙතත්  පවතින අධික තදබදය නිසා ප්‍රතිකාර අත්‍යවශ්‍ය දරුවන් පමණක් එලෙස රෝහලට ඇතුළත් කරන ලෙසත් ඔහු වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top