රජය සතු දුවන්න බැරි වාහන සංඛ්‍යාව 5,533ක්
Tuesday, 24 August 2021 - 12:25 | Views - 2,218
රජය සතු දුවන්න බැරි වාහන සංඛ්‍යාව 5533ක්,.වාර්තාවකින් හෙළි වෙයි රජයේ ආයතන සතු වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කර තිබෙනවා.
එම වාර්තාවට අනුව රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර, පලාත් සභා, සහ පළාත් පාලන ආයතන සතුව ඇති වාහන සංඛ්‍යාව 82194ක්.
ඒ අතුරෙන් වාහන 76,661 ධාවන තත්වයේ පවතින අතර වාහන 5533 ඇත්තේ ගර්භිත තත්වයේ යි.
එමෙන් ම රාජ්‍ය ආයතනවල ජේෂ්ඨ නිලධාරින් 8500 ක ට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් පිණිස යොදා ගැනීමටත් රජයේ අනුමැතියය ලබා දී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.
ඒ අනුව අග්‍රාමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අළුත්වැඩියා කළ හැකි වාහන වහාම අලුත් වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් එලෙස අළුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Share This Article