හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි (Video)
Tuesday, 24 August 2021 - 11:52 | Views - 625
හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දින ගණනාවක් ප්‍රතිකාර ලැබූ සමරවිර මහතා මියයන විට 65 වන වියේ පසු වුනා.
රෝහල්ට ඇතුලත් කරන අවස්තාවේ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමකදී කියා සිටියේ.
ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.
Share This Article