නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000ක දීමනාව අදින් ඇරඹෙන සතියේ දී ලබාදීමට නියමිත යි.
ඊට අදාළ චක්‍රලේඛය, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඊයේ නිකුත් කිරීමට ද පියවර ගත්තා.
රජයේ කිසිදු දීමනාවක් නො ලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නො ලබන බවයි එම කාර්ය සාධක බලකාය සඳහන් කළේ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ අදාළ දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.
මේ අදාළ දීමනාව ලබාදීම සඳහා පවතින සූදානම පිළිබඳ හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිළි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න.
මේ අතර නිරෝධායන ඇදිරි නීතිය කාලසීමාව තුළ හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳම සඳහා පමණක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ.
එසේ ම අද දිනයේ දී සීමිත මූල්‍ය ගණුදෙනු සඳහා තෝරාගත් වාණිජ බැංකු ශාඛා විවෘත කර තැබෙන බවට එම බැංකු සමාගම් නිවේදනය කර තිබුණා.