එක් මාත්‍රාවක්වත් හෝ ලබා නො ගත් 60ට වැඩි පුද්ගලයින්ට 24 වනදා සිට එන්නත්
Saturday, 21 August 2021 - 15:58 | Views - 4,734

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් එන්නත්කරණයට ලක් කිරීම මේ මස 24 වනදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ සමඟ යුද හමුදාව විසින් මෙය සිදු කෙරෙන අතර, අදාළ වයස් කාණ්ඩයේ එලෙස එක් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සකසා ප්‍රදේශීය ලේකම්වරුන් භාරයේ තබාගන්නා ලෙසයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.
මේ අතර, එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ (20) එන්නත් ලබා දී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 13,356 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 72,985 දෙනෙකුට ලබා දී ඇති බවයි.
එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 6,203කට සහ දෙවන මාත්‍රාව 311කට ලබා දී තිබෙනවා.
මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 69,210 ක් වන අතර, ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 59,256 කට ඊයේ (20) ලබාදී තිබෙනවා.
එමෙන්ම, යුද හමුදාව විසින් සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා ලබාදීම අද දිනයේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මකයි.
කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ මෙන්ම සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද සිදු කෙරෙනවා.
Share This Article