හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ මායන්ස් සහ රාවන්ස් ගැටුම
Monday, 27 March 2017 - 20:16 | Views - 2,797
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ විශේෂ කඩඉමක් වන අර්ධ අවසන් පූර්ව තරඟය පසුගිය සෙනසුරාදා දින පැවැත්විය.

එක් රාත්‍රියකින් තවත් රාත්‍රියකට නිරන්තරයෙන්ම සොඳුරු මතක සටහන් එක්කර ගනිමින්, සොඳුරු හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව මත සුපිරි තරු රඟදෙන කණ්ඩායම් පහක් සමගින් මේ දක්වා පැමිණි ගමන් මග තුල තරඟ රැසක් පවත්වා පළමු කඩඉමට මුහුණ දෙමින් තරඟ කල කණ්ඩායම් දෙක වූයේ රාවන්ස් හා මායන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ, වෙනදා මෙන්ම විනිශ්චය මණ්ඩලයේ ප්‍රමුඛස්ථානයේ ප්‍රධාන අසුන හොබවන ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ තාරුණ්‍ය වසඟ කල හඬකට උරුමකම් කියන ඔහු සංගීතවේදී, ගායන ශිල්පී භාතිය ජයකොඩි.

පළමු කඩඉමවන අර්ධ අවසන් පූර්ව තරඟය ආරම්භ කිරීමට පෙර තරඟ වදින කණ්ඩායම් දෙකෙහි මෙතෙක් පැමිණි ජයග්‍රාහී ගමන් මග පිළිබඳ මදකට ආපසු හැරී බැලුවොත් රාවන්ස් කණ්ඩායම තරඟාවලියේ මුල් වටවලදී ඉතාම ජවසම්පන්න නිර්මාණශීලි ඉදිරිපත් කිරිම් කරමින් ඉතාම ඉදිරියෙන් සිටියත් පසුව යම්තාක් දුරකට මන්දගාමී ස්වභාවයක් ඒ කණ්ඩායම තුලින් දක්නට ලැබුනා.

නමුත් මායන්ස් කණ්ඩායම ඉතාමත් මන්දගාමී ස්වරූපයෙන් පැමිණ ඉතාමත් වේදනාබර අතීතයක් ඔවුන් සතුව තිබියදී අවසානයේ ඔවුන් සතු ශක්තිය එක්තැන් කරගනිමින් මේ වේදිකාව මත ඔවුන් විශ්වාසයෙන් යුතුව තමන්ගේ ඉදිරිපත් කිරීම් සියල්ලම හොඳින් කිරීමට ආරම්භ කල බැවින් අවසාන තරඟ වටවලදී Golden Buzzers දෙකක් ලබාගනිමින් මේ තරඟාවලියට යලිත් අවතීර්ණ වීමට ඔවුන්ට හැකිවුනා.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු මායන්ස් කණ්ඩායමේ නායිකාව සේමිණි ඉද්දමල්ගොඩ හා රාවන්ස් කණ්ඩායමේ නායක සුරජ් මාපා විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ රාවන්ස් කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය හා Super Battle Round තරඟ වට දෙකෙන් ජයගැනීමට මායන්ස් කණ්ඩායම සමත් වූ අතර ගායනවරය හා ස්වයංවරය තරඟ වට දෙකෙන් ජයගැනීමට සමත් වූයේ රාවන්ස් කණ්ඩායමයි.

ඒ අනුව මායන්ස් කණ්ඩායම ලකුණු 32ක් සමගින් 4 වන ස්ථානය ද, රාවන්ස් කණ්ඩායම ලකුණු 52ක් සමගින් 3 වන ස්ථානය ලෙස ද ලකුණු පුවරුවේ රැඳී සිටියි.

සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top